සිංහල නවකතාවේ විකාශනය

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

ප්‍රබන්ධ කතාව සහ නවකතාව නිර්මාණය වීමේ වැදගත් පියවරක් ලෙස බෙන්තොට ඇල්බට් ද සිල්වාගේ ප්‍රබන්ධකතා ගත හැකියි . මේ කතුවරයාගේ සුවිශේෂ ලක්ෂණයක් සහ පරමාර්ථයක් වූයේ තම කෘති නිර්මාණයේදී රසවත් නවතම අත්දැකීමක් සමඟ කතාවන් ඉදිරිපත් කිරීමයි. ක්‍රිස්තියානි මිෂනාරීවරුන් විසින් බයිබල් කතා සිංහලයට පරිවර්තනය කර ප්‍රචාරය කිරීමට වඩා මෙය පාඨකයාට වෙනස් අත්දැකීමක් විය.

දහනව වැනි සියවසේ දෙවැනි‍ භාගයේ දී වේගයෙන් විකාශනය වූ ප්‍රබන්ධ කතාව පිරිපුන් බවට පත් වීමෙන් නවකතාව බිහි විය. මේ සඳහා සාධක කිහිපයක් බලපෑවේ ය. එහි පළමු සාධකය නම් 19 වැනි සියවසේ අග භාගයේ දී ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් ලෙස ප්‍රබන්ධ කතාව යොදා ගත්තත් කාලයාගේ ඇවෑමෙන් ඒ තත්ත්වය වෙනස් විය.

ක්‍රිස්තියානි ආගමේ මිෂනාරිවරුන් බයිබල් කතා ගද්‍ය ආඛ්‍යානවලට සමගාමී ව අයිසෙක්ද සිල්වා වැන්නවුන් ද ප්‍රබන්ධකතා රචනා කිරීමට පෙලඹිම සිදුවුයේ 19 වැනි සියවසේ අගභාගයේ දීය. ඔහු පළමු වරට සම්පාදනය කළ කෘති වන්නේ ‘වාසනාවන්ත පවුල සහ කාලකන්නි පවුල’ ඔහුගේ පළමු වැනි කෘතියයි. එමෙන් ම පළමු වැනි ප්‍රබන්ධ කතා නිර්මාණයේ හි ගෞරවය හිමිවන්නේ ඇල්බට් ද සිල්වා මහතාට යි.

ඉන්අනතුරුව ප්‍රබන්ධ කතාව සහ නවකතාව නිර්මාණය වීමේ වැදගත් පියවරක් ලෙස බෙන්තොට ඇල්බට් ද සිල්වාගේ ප්‍රබන්ධකතා ගත හැකියි. මේ කතුවරයාගේ සුවිශේෂ ලක්ෂණයක් සහ පරමාර්ථයක් වුයේ තම කෘති නිර්මාණයේදී රසවත් නවතම අත්දැකීමක් සමඟ කතාවන් ඉදිරිපත් කිරීමයි. ක්‍රිස්තියානී මිෂනාරීවරුන් විසින් බයිබල් කතා සිංහලයට පරිවර්තනය කර ප්‍රචාරය කිරීමට වඩා මෙය පාඨකයාට වෙනස් අත්දැකීමක් විය. බෙන්තොට ඇල්බට් ද සිලවා ද්වීභාෂා උගතෙකි. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ව මහ පරිචයක් ලැබුවෙකි.ඔහු නවකතා ලීවීමට පෙර ‘අරාබි නිසොල්ලාසය’ නැමැති ලෝක පූජිත නවකතා සංග්‍රහය ව්‍යක්ත බසින් නිවැරැදි ව සිංහලයට පරිවර්තනය කිරීමට සමත් විය. එමෙන්ම ‘විවේක කාලය’ නමැති සඟරායේ සංස්කාරකවරයා ද විය. ‘විමලා’ ‘සිරිබරී’ ‘වෙසක් දූතයා’ ඇල්බ‍ට් සිල්වාගේ නවකතා වන අතර ඔහුගේ ඇතැම් කෘතිවල ‘ඇල්බට් නවල්ස්’ වශයෙන් සටහන් කර ඇති අවස්ථා ද දැක ගත හැකිය. මෙයින් පෙනී යන්නේ ඉතා හොඳින් ඉංග්‍රීසී නවකතා පරිශිලනය කළ විදේශිය භාෂා පිළිබඳ මනා පරිචයක් ඔහුට තිබූ බව ය‍. ඔහු‍ට වෙනස් ආකාරයේ අත්දැකීම් සහිත නවකතා ලියැවීමේ අවශ්‍යතාවක් තිබූ බව ඉතා පැහැදිලි ය.

ඉන් අනතුරුව 1956 න් පසුවරටේ සිදු වූ දේශපාලනික ආර්ථික සහ සමාජිය ක්ෂේත්‍රවල ‍සිදු වූ පරිවර්තනාත්මක ක්‍රියාවලිය නවකතාව සහ එහි වටපිටාව කෙරෙහි බලපානු ලබන ආකාරය පිළිබඳ ව නවකතාකරුවා තුළින් දක්නට ලැබිණී‍. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1961 වර්ෂයේදී සිරි ගුනසිංහයන්ගේ ‘හෙවනැල්ල’ නවකතාව බිහිවිය. විශේෂයෙන් ‘විඥනධාරා සන්දර්භය ක්‍රමය’ මුල්වරට දක්නට ලැබෙන්නේ මේ කෘතියෙනි. නවකතාකරුවා හුදු කතා කියන්නකු පමණක් නොව සමාජ ජීවිතය යථා ස්වභාවය පිළිබද ව පාඨකයා ප්‍රත්‍යක්ෂ කොට කියන්නට හැකි, කතා කියවීමේ හැකියාව ඔහු තුළ විය. එතැනින් ආරම්භ වූ මේ විඥානධාරා සන්දර්භ ක්‍රමය භාවිත කෘති මෑතක් වන තුරු බිහි විය. ඒ .වී සුරවීර නවකතාකරණයට පිවිසෙන්නේ මේ කාලය තුළදී ය. එතුමන්ගේ ‘හෙයියන් මාරුව’ නවකතාව නැවතතත් නවකතාව වෙනස් මගක් කරා රුගෙන ගිය බව කිව යුතුය. නවකතාවේ අන්තර්ගතය මෙන්ම ආකෘතිය පිළිබදවත් පාඨකයාට රසාස්වාදයක් ලබාදීමටත් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන මෙය සිංහලයේ කෙටි ඓතිහාසික ප්‍රබන්ධ කතාව ලෙස හැදින්විය හැකියි. ඉන් අනතුරුව බටහිර කරණයට භාජනය වු සකල විධ සමාජය නිර්දය ආකාරයට ‍විවේචනය කරමින් ප්‍රබන්ධ කතා ලියුවේ ‘පියදාස සිරිසේනයන්’ය. ප්‍රබන්ධ කතාවේ ආරම්භය ගත්විට ඇල්බට් සිල්වාගේ සිට පියදාස සිරිසේයන්ගෙන් දක්වා සිදු වූ සේවාව ඉතා වැදගත් ය.

කෙසේ වෙතත් නවකතා ඉතිහාසය පිළිබඳ ව පර්යේෂණ කළ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රථම නවකතාව ලෙස දැක්වූයේ 1905 දී ලියැවූ ‘මීනා’ නවකතාවයි. එහෙත් මහාචාර්ය ආරිය රාජකරුණාගේ අදහස මෙන්ම සරච්චන්ද්‍ර වික්‍රමසූරියගේ අදහස අනුව පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන්නේ ‘පියදාස සිරිසේනයන්ගේ ‘ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්’ ය. එසේම නවකතාවක තිබිය යුතු ලක්ෂණ සහ කතුවරයාගේ ජීවන දෘෂ්ටිය ( පුද්ගලානුභූතිය) ප්‍රථම වතාවට දක්නට ලැබෙන්නේ ‘වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්’නවකතාවේ ය. වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ ‍රොස්ලින් බිහිවීමෙන් මාස ගණනාවකට පසුව ‘සයිමන් ද සිල්වාගේ’ ‘මීනා’නවකතාව එළිදැක්වී‍ය. මෙය සිංහල නවකතාවේ වැදගත් මං සලකුණක් වන්නේ එමගින් සිංහල නවකතාවේ වි‍වේකාස්වාදය නවකතා වර්ගයට අයත් මීනා ද අයත් වන නිසාවෙනි. මීනා නවකතාව පුද්ගල චරිත හා ඒවායේ අභ්‍යන්තරික මානසික ගැටුම් ගැඹුරින් ගවේෂණය කිරීමේ හා විග්‍රහා කිරීමේ සම්ප්‍රදාය ස්ථාපිත කළ බව දක්නට ලැබෙයි.

ඉන් අනතුරුව නවකතාවේ වැදගත් මං සලකුණක් සටහන් කරනුයේ ඒ.ඇම්. සී.පෙරේරා සහ ඩබ් .ඒ. සිල්වා ය. මේ දෙදෙනාගේ නිර්මාණ මගින් සිංහල නවකතාවේ ප්‍රධාන ප්‍රවර්ගයක් බිහිවිය. ත්‍රාස ජනක, අත්භූත ජනක සහ ඇදහිය නොහැකි එමෙන්ම ප්‍රේම සම්බන්ධතායන් මේ නවකතාකරුවන්ගේ වස්තු විෂය සඳහා කේන්ද්‍රවිය‍. මේ කතාවලින් සිදුවන වැදගත් ම කරුණක් ලෙස විචාරකයන් දක්වන්නේ පෙම්වතුන් විසින් ඔවුන්ට සිදුවන භාධක මැඩ ගෙන අවසානයේ දී වාසනාවන්ත විවාහයකින් කෙළවර වීමයි. ‘අමරණිය ප්‍රේමය’ , ‘දිව්‍යමය ප්‍රේමය’ වැනි සිංහල භාෂා සංස්කෘතියට නුහුරු ශෛලියක් වන මෙය වඩාත් බටහිර සංස්කෘතියේ අංගයන් වැලඳ ගෙන ඇති බව පෙනෙයි; බටහිර සංස්කෘතියේ අංගයක් වන ශෘංගාර රසයෙන් පිරි ආදර කතා සම්ප්‍රදායක් ගොඩ නැඟීමේ පුරෝගාමිවූයේ මේ කතුවරුන් දෙදෙනා ය. එම් . සී. එස් .පෙරේරා සහ ඩබ්.ඒ සිල්වා අතුරින් වඩාත් පාඨක ග්‍රහණයට ගනු ලැබුවේ ඩබ්. ඒ. සිල්වා ය. අවසානයේ දී වෙස්වලා ගැනීම් අවසානයේ දී ජන්මය හෙළීවීම්, ත්‍රාස ජනක සිදුවීම් ඩබ්.ඒ සිල්වාගේ නවකතාවල පොදු ලක්ෂණයකි. සිල්වා මහතා පැහැදිලි කරන ආකාරයට ඔහුට අවශ්‍ය වුයේ පියදාස සිරිසේන වැනි ලේඛකයන්ගේ උපදේශනාත්මක නවකතාවන්ට වඩා වෙනස් ආකාරයකින් නවකතා ඉදිරිපත් කිරීමයි. එතුමාගේ අරමුණ වුයේ පාඨකයාගේ විවේකාස්වාදය සහ විනෝදාස්වාදය සලසා දීමට ය‍. එහෙයින් ම පාඨකයා අතර මේ කෘති බෙහෙවින්ම ජනප්‍රිය වුවා පමණක් නොව නව කතා කියවන පාඨක පිරිසකගේ ද වඩා වැඩි ප්‍රවණතාවයක් මේ කෙරෙහි විය.

 ඔහුගේ කෘතීවල සුවිශේෂත්වයක් වන්නේ ප්‍රබන්ධ කතාවල චරිත මෙහෙයවන්නේ පාඨකයාට අවසන් නිගමනයකට එළැඹිය අයුරින් නොව ඊට විරුද්ධ දෙසට ගමන් කරන ආකාරයට ය‍. සිංහලයේ ප්‍රථම උපහාසත්මක නවකතාව වන ‘සකල පිළිරුව’ එතුමාගේ නිර්මාණයකි. 1925 න් පසුව 1940 පමණ වන තෙක් නවකතාකරුවන්ට සුසමාදර්ශය සැපැවූයේ පියදාස සිරිසේනයන් ය. මොවුන් සෑම දෙනාගේ ම රචනා වල මූලික දෘෂ්ටිය වුයේ රටේ සුචරිතය වර්ධනය කිරීමට ය. සිංහල නවකතා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස 1925 න් පසුකාලය ගත හැකිය. විශේෂයෙන් උපැවැදි වූ භික්ෂුන් වහන්සේ නවකතා රචනයට එක් වූ බවත් දක්නට ලැබීම සුවිශේෂි කරුණකි තවද කාන්තාවන්ගේ නම් භාවිතා කොට නවකතා ලියු පිරිමි පාර්ශවයන්ද මේ කා‍ලයේ දක්නට ලැබීම සුවිශේෂි කරුණු අතර විය. ඇලෙක්සැන්ඩර් වැලිවිට මහතා ‘සිංහල ලන්සි විවාහය’ රචනා කලේ ස්වර්ණලතා වඩුගේ කුමාරිහාමි නමිණි. මේ කාලයේ නවකතාවන් රචනා වන තුරු නවකතාවට කාන්තාවන්ගේ දායකත්වය නොලැබුණි. මේ කාලය තුළ නවකතා ලියු ලේඛිකාවන් ලෙස රූපා අමරවතී අලස්, සීමතී අ‍බේගුණවර්ධන හදුන්වාදිය හැකියි. මේ කාලවකවානුවේ දී ජනප්‍රියත්වයට පත්වී සිටි අය අතර පී.ඩී. ලියනගේ දැක්විය හැකිය. පියසේන නිශ්ශංක, අයි.එස්.ඩබ්. සුරේන්ද්‍ර වැනි පිරිසක් පුවත්පත් මාධ්‍යයේ නිරත වූ අය අතර වි‍ය. එහෙත් මොවුන් මේ ක්ෂේත්‍රවලට ප්‍රවිෂ්ට වූයේ නවකතාකරණයෙන් අනතුරුව ය.

කෙසේ වෙතත් ඇතැම් සාහිත්‍ය ඉතිහාසඥයන් 1925 පසුව ගම්පෙරළිය දක්වා යුගය පියදාස සිරිසේගේ අවධිය ලෙස දක්වති.1944 වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය පළ වීමත් සමඟ යථාර්ථවාදී රීතියේ ආරම්භය ලෙස හදුන්වන ‘ගම්පෙරළිය’නම් නවකතාව සිංහල නවකතාවේ මෙන්ම සිංහල ප්‍රබන්ධ කතා ‍ක්ශේක්‍රයේ සිදු වූ වැදගත් ම සන්දිස්ථානයක් විය. මීට පෙර ලියැවූණු නවකතාවලට වස්තු විෂය වුයේ ඉහළ මධ්‍යම පාන්තික ජිවිතයන් පිළිබඳවයි. ගැමි පසුබිමක් සහිත ගැමි ජීවිතය යථාර්ථවත් විග්‍රාහයන් කිරිමක් සිදුවන්නේ ගම්පෙරළිය නවකතාවෙනි. මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈදුතු නවකතාත්‍රයෙහි කියැවෙන්නේ කාලයයි. මෙහි යුගාන්ත යුගයක අවසාන කාලය ප්‍රධාන සාධකය වෙයි. එමෙන්ම යුගාන්තය නවකතාවෙන් පැහැදිලිවන්නේ පැරණි සමාජ රටාව තුළින් මතු වූ නව සමාජ තලයක බිහිවීමයි. සමහර විචාරකයන් සදහන් කරන ආකාරයට ධනපති පන්තිය අතු ගෑවී නව සමසමාජයක නැඟීමේ ප්‍රවණතාවකි. 1956 දී වික්‍රමසිංහ අතින් විරාගය ලියැවුණි. නවකතාවේ අලුත් නවකතා රීතීයක් පිළිබඳව අත්හදා බැලීමක් සිදු කර ඇත. පුද්ගලයාගේ යටි හිත පිළිබඳ අත්හදා බැලීමක් සිදු දක්නට ලැබීම මෙහි සුවිශේෂත්වයකි. ඒ නිසාම එය මනෝ විද්‍යාත්මක නවකතාවක් ලෙස හැදින්වීම වඩා උචිතය. විරාගය නවකතාව 20 වැනි සියවසේ දෙවැනි භාගයේ දශක දෙකක් පමණ වන තෙක් දැඩි සාහිත්යික ආන්දෝලනයකට තුඩු දුන් චරිතයක් වන්නේ විරාගයේ අරවින්දගේ චරිතයයි. අරවින්ද ගේ චරිතය නිෂ්ක්‍රීය පරාජිත චරිතයකි. විරාගය නව කතාව පාදක කොට ගනිමින් නව නව කතාරුල්ලක් බිහි විය.

ඊළග විරාගයෙන් අනතුරුව පහළ වූ නවකතා වන්නේ සරචන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’නවකතාවයි. නවකතාවට උචිත භාෂා භාවිතයක් එමගින් චරිත අවස්ථා නිරෑපණයක් දක්ෂ ලෙස ඉටු කළා පමණත් නොව ගද්‍ය ගීතාත්මක ශෛලීයක් ද නවකතාවට එක් කරන්නට මේ නවකතාවන්ට හැකි විය. එමෙන්ම ‘හෙවනැල්ල,’කරුමක්කාරයෝ’, ‘සිතනැති ඹබ ලොව’ සිංහල නවකතාවේ මං සලකුණු විය. නවකතාවේ කතා ක්‍රම ආකෘති ය පිළිබඳ ව කරන ලද හොද අත්හදා බැලීමක් ලෙස මෙම නවකතාවන් ගත හැකියි. ඇරැව්වල නන්දිමිත්‍ර, මහගමසේකර, කේ. ජයතිලක වැනි ලේඛකයනුත් ගම තුළ සිදු වූ පරිවර්ථය නවකතාවලින් පිළිඹිබු වන්නේ 20 වැනි ශතකයේ අවසානය දස වසර තුළ සිංහල නවකතාවේ විෂය කේෂ්ත්‍රය වස්තු විෂය අන්තර්ගතය භාෂාව වැනි කරුණු පිළිබඳ විවේචන මෙන්ම විචිත්‍රතා දක්නට ලැබෙයි. ඊ ළඟට1980 දශකයේ පැවැති භිෂණ සමය නවකතාකරුවන්ගේ නිර්මාණ කෙරෙහි පාදක විය. අනුලා විජයරත්න මැණිකේ ‘සත්‍යවාදින්ගේ මරණ මංචකය’ නිහාල් පී. ජයතුංග, කළු බළල්ලු , සුමිත්‍රා රාහුබද්ධගේ ඉටිපහන් මේ නවකතාවන්ට විෂය වුයේ උතුරේ පැවැති පහරදීම්, සුදු ජාතින් ලංකාවට බලපෑ ආකාරය පිළිබඳව ජනවාර්ගික ගැටලුුව නවකතාවට පාදක කොට ගෙන ඇත. මේ කාලවකවානුවේ කාන්තාව නවකතා කරණයට ප්‍රවිෂ්ට වීමක් දක්නට ලැබෙයි. සේපාලි මායාදුන්නේ, සුමිත්‍රා රාහුබද්ධ, ශාන්ති දිසානායක වැනි අය නවකතා කරණයට ප්‍රවිෂ්ට වන්නේ මේ කාලවකවානුවේදීය.

70 දශකයේ සිට නවකතාවේ බොහෝ වෙනස්කම් වලට ලක්විය. වර්තමාන නවකතාව වන විට නවකතාවේ සිමාසහිත බව නැතිවිය. බොහෝ කරුණු පිළීබඳව සානුකම්පිත ව කතා කොට ඇත. මහ සම්ප්‍රදායේ නවකතාවන්ට අමතරව චූල සම්ප්‍රදායේ නවකතා ආරක් මේ අවදියේදී ප්‍රාදූර්භූත විය. නවකතාවේ දියුණු අවස්ථාවක් ලෙස සැලකෙන මේ නව ආරේ නවකතාවේ පුරෝගාමියා වූයේ කරුණාසේන ජයලත් ය. ඔහුගේ ‘ගොළු හඳවත’ පටන් ගත් මේ ප්‍රේම කතා රචනයට පසුකාලීන බොහෝ දෙනෙක් එකතු වූහ. ලේඛිකාවන් යොවුන් වියේ ප්‍රේමය පිළීබඳව කාන්තා ඇසින් දැකීමට උත්සහ කිරීම දක්නට ලැබිණි. ජනප්‍රිය රැල්ලට අමතරව සුජීව ප්‍රසන්නආරච්චි, එඩ්වඩ් මල්ලවආරච්චි, කුමාර කරුණාරත්න වැනි අය විසින් සම්පාදනය කරනු ලබන නවකතා ඉතා ජනප්‍රිය විය. 20 වැනි ශතවර්ෂයේ අගභාගයේදී වඩා ම ජනප්‍රිය නවකතාකරුවා හැටියට සඳහන් කරන්නේ සුජීව ප්‍රසන්න ආරචිචි ගේ නව කතා ය. මේ නිසා නවකතාවේ වෙනම ම ප්‍රමාණාත්මක වර්ධනය පෙරට වඩා නවකතා බිහිවීමක්ද දක්නට තිබේ.

1905 වර්ෂය ‍නවකතාවේ ආරම්භක වර්ෂය ලෙස ගතහොත් අවුරුදු එකසිය දොළහකට ඉතිහාසයක් ඇති සුවිශේෂ කලාංගයක් ලෙස නවකතාව හදුනාගත හැකිය. සිංහල කතුවරුන් විසින් ලියන ලද නවකතාවන් තුන්දහසකට අධික ප්‍රමාණයක් ඇත. ඒ ලේඛකයන් අතුරින් එක් කතාවකින් තම අත්දැකීම කියවා නිම කරන ලේඛකයන් මෙන්ම නවකතා කරණයේ දිගටම යෙදෙන්නෝද වෙති. පාඨකයා නව කතා කියවීමට වඩාත් පෙළඹීම සිදුන්නේ විචාරයත් සමඟ වන අතර වර්තමානයේදී හොඳ විචාරයන් සිදුවන්නේ නැත‍. විචාරයේදී විනිවිද භාවය නැති පක්ෂග්‍රාහි විචාරයන් සිදුවන අතර විචාරයට වඩා පක්ෂග්‍රාහි ප්‍රචාරයන් සිදුවන බව දක්නට ඇති බව පැවැසිය යුතුය.

ශ්‍රී ලංකා ගාර්ඩියන්