ලංකාවේ තෙත්බිම් සංරක්ෂණයට වෙනම ම අධිකාරියක් අවශ්‍යයි

ලෝක තෙත්බිම් දිනය : පෙබරවාරි 2
තෙත්බිම් සහ ජල කළමනාකරණය
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය
වර්ෂ 1971 පෙබරවාරි මස දෙවන දින රැම්සාර් සම්මුතිය අත්සන් තැබීම සිහිපත් කරමින් 1997 වසරේ සිට සෑම වසරක ම පෙබරවාරි දෙවන දා ලෝක තෙත්බිම් දිනය සැමැරේ. රැම්සාර් ලෝක සම්මුතියේ ආරම්භය වසර 42 ක් ඈතට දිව ගිය ද මෙවර තෙත්බිම් දිනය සැමැරෙන්නේ 17 වන වතාවට ය. මෙය දැනට කරි42 යාත්මක ව පවතින පැරැණිතම නූතන අන්තර්ජාතික එකඟතාව යි. 1960 දශකයේ මුල් භාගයේ දී යුරෝපයේ තෙත්බිම් ශීඝරේ්ස වශයෙන් අඩු වී යෑමත් ඒ අනුව ජලාශරියි ත පක්ෂීන් වඳ වී යෑමත් නිසා තෙත්බිම් සම්බන්ධ අන්තර්ජාතික සමුළුවක අවශ්ය තාව පැන නැඟිණි. මෙහි පරෂීනතිඵලයක් වශයෙන් 1971 පෙබරවාරි දෙවන දින ජාතීන් දහ අටක ගේ සහභාගීත්වයෙන් මේ සම්මුතියට අත්සන් තැබුණු අතර 1975 වසරේ සිට රැම්සාර් සම්මුතිය බලාත්මක විය.
ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අන්තර්ජාතික සහයෝගීතා මඟින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම ද නැණවත් ව භාවිත කිරීම රැුම්සාර් සම්මුතියේ පරමාර්ථය වේ. තව ද, තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පරිසර පද්ධති කෙරෙහි හිතකර පරියතවේශයක් දරමින් තෙත්බිම්වල පරිසර විද්යාතත්මක ලක්ෂණ හා ගුණාත්මක භාවය රැකගැනීම යනුවෙන් අර්ථ දැක්වෙන ”නැණවත් භාවිතය” කේන්ද්රල කොටගත් චින්තනයක් මේ සම්මුතියේ අන්තර්ගත වේ. දැනට මේ සම්මුතියට ජාතීන් 164 ක් අත්සන් තබා ඇති අතර, හෙක්ටයාර 197,690,717 ක ක්ෂේතර මේ ඵලයක පැතිරුණු රැම්සාර් තෙත්බිම් 2075 ක් පර්සනකාශයට පත් කර ඇත.
2තෙත්බිම් පරිසර පද්ධති ලොව පුරා සියලූ දෙනාට ඩොලර් මිලියන ගණනාවක් වටිනා සේවාවන් කිසිදු අය කිරීමකින් තොර ව නොමිලයේ සපයයි. ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම, භූගත ජලය පරීමකතිස්ථාපනය කිරීම, වෙරළ තීරය ස්ථායී ව පවත්වා ගැනීම හා කුණාටුවලින් ආරක්ෂා කිරීම, අවසාදිත හා පෝෂක ධාරණය හා චකරී තීයකරණය, ජල පවිතරරක්කරණය, ජෛව විවිධත්ව සංචිත වශයෙන් කටයුතු කිරීම, තෙත්බිම් නිෂ්පාදන සැපැයීම, සංස්කෘතික වැදගත්කම, විනෝද කරිය කයා හා සංචාරක කටයුතු සහ දේශගුණික විපර්යාස අඩු කිරීම හා අනුවර්තනය වීම ආදිය මේ සේවාවන් අතර වේ.
ලොව පස් දෙනකු ගෙන් එක් අයකුට පිරිසිදු ජලය වෙත පර ක්වේශය නොමැති වුව ද බිලියන 1.4 ක් ජීවත් වන්නේ ජල භාවිතය තිරසර මට්ටම ඉක්මවා ඇති ජල ද්රෝයණිවල ය. තවදුරටත්, දුර්වල කළමනාකරණ උපකරක් ම මඟින් තෙත්බිම් පරිසර පද්ධතීන්හි ගුණාත්මක භාවයට හානි වීම නිසා සෞඛ්ය. ගැටලූ ඇති වේ. මේ ආකාරයෙන් තෙත්බිම් හා බැඳුණු රෝගාබාධ හේතුවෙන් වසරකට මිලියන තුනක ජනතාවක් පීඩා විඳිති. ස්වාභාවික තෙත්බිම් මඟින් සිදු කැරෙන සේවාවන්, ඒවා සංවර්ධනය කොට ලැබිය හැකි ආදායම හෝ ලාභයට වඩා ඉතා විශාල වටිනාකමක් දරයි. එ සේ වුව ද කෙටිකාලීන පෞද්ගලික අංශයේ ලාභ ලබාගැනීම උදෙසා ලොව නොයෙකුත් පරකමකදේශවල තෙත්බිම් විනාශ කැරේ.

3ශරීෙ   ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය

ශරීෙ   ලංකාව තරම් තෙත්බිම් වලින් සමන්විත රටක් ලොව නොමැති තරම් ය. මේ වූ කලී තෙත්බිම් වලින් වැසුණු කුඩා දිවයිනකැයි හැඳින්වීමෙහි කිසිදු විවාදයක් නැත. විල් හැරුණු විට හඳුනාගත් සෑම ස්වාභාවික තෙත්බිමක් ම ලංකාවේ දැකගත හැකි ය. එපමණක් නො ව මිනිසා ගොඩනැඟූ වැව් සහ ජලාශ වැනි අර්ධ ස්වාභාවික තෙත්බිම් අති බහුතරයකින් ද මෙරට පොහොසත් ය. එබැවින් තෙත්බිම් සංරක්ෂණය යන්න හොඳින් අවබෝධ කර ගෙන අප රටෙහි සංවර්ධන සැලැසුම් හා පර ය තිපත්ති සකස් කළ යුතු ය.
එහෙත් අප තෙත්බිම් සංරක්ෂණය උදෙසා වන රැම්සාර් පරි‍ාඥප්තියට ද අත්සන් තැබූ රටක් වශයෙන් තෙත්බිම් සංරක්ෂණය සඳහා සැලැකිය යුතු වෙහෙසක් දරන බවක් පෙනෙන්නට නැත. මේ දිවයිනේ තෙත්බිම් අතුරෙන් බහුතරයක් අපද්රසව්යත රැඳැවුම් ලෙස භාවිතයට ගැනේ. කර්මාන්තශාලා අපද්රුව්ය  පමණක් නො ව නාගරික අපද්ර ව්ය් රඳවන ස්ථාන බවට මේවා පත් ව තිබේ. මේ නිසා තෙත්බිම් ආශරි ප්ත ජීවී පරර‍නජාවෙන් වැඩි පරගරිමාණයක් අද වන විට දැඩි තර්ජනයට ලක් ව ඇත. එපමණක් නොව තෙත්බිම් ආශරිබිමතව ජීවත් වන ජනතාව නිරන්තරයෙන් ජල ගැලීම්වලට ලක් වෙමින් පීඩාවට පත් වෙමින් සිටී. නමුත් වර්ෂාව රහිත කාලවල දී ඔවුහු ජල හිඟයෙන් පීඩා විඳිති. මේ පරස්පර විරෝධී තත්ත්වය ඇති වී තිබෙන්නේ අප රටේ තෙත්බිම් සංරක්ෂණයේ අඩුපාඩු හා ජල කළමනාකරණයේ පවතින අඩුපාඩු නිසාවෙනි.

4ලංකාවේ රැුම්සාර් තෙත්බිම්

1987 වසරේ රැම්සාර් පරත්බඥප්තියට ශරීන්න ලංකාව අත්සන් තබන ලද අතර, එය බලාත්මක වූයේ 1990 ඔක්තෝබර් 15 වන දින සිට ය. 1990 ජුනි 15 වන දින ලංකාවේ පරසන්ථම රැුම්සාර් තෙත්බිම ලෙස දකුණු පළාතේ බුන්දල ජාතික වනෝද්යානනය (6210 ha) නම් කරන ලදී. ලංකාවේ දෙවන රැුම්සාර් තෙත්බිම වයඹ පළාතේ ආනවිලූන්දාව අභයභූමිය (1397 ha)  යි. එය 2001 අගෝස්තු මස 03 වන දින පරාව කාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභයභූමිය (915 ha) 2003 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තුන් වන රැුම්සාර් තෙත්බිම ලෙස නම් කරන ලදී. ලංකාවේ සිවු වන රැම්සාර් තෙත්බිම ලෙස 2010 ජූලි 12 වන දින මන්නාරම දිස්තරි්  ක්කයේ වාන්කාලේ අභයභූමිය (4839 ha)  ද ලංකාවේ පස් වන රැම්සාර් තෙත්බිම ලෙස අම්පාර දිස්තරි්නාක්කයේ කුමන ජාතික වනෝද්යාූනය (19011 ha) 2010 ඔක්තෝබර් 29 වන දින පර්පාකාශයට පත් කර ඇත.
මෙවර තෙත්බිම් දිනයේ සිට ලංකාවේ රැම්සාර් තෙත්බිම් අතරට විල්පත්තුව ජාතික වනෝද්යාරනය ද (165,800 ha)  එක් වේ. ඒ අනුව ලංකාවේ හෙක්ටයාර් 198,172 ක භූමි පරානයදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත්බිම් 6 ක් පිහිටා ඇති අතර එය ලෝකයේ සමස්ත රැම්සාර් තෙත්බිම් අතුරින් 1% ක පර වනමාණයකි. කුඩා දිවයිනක් වන අප රට මෙවන් තත්ත්වයකට පත්වීම පිළිබඳ ව අප ආඩම්බර විය යුතු අතර ම ඒවා සංරක්ෂණය සඳහා ද සැබෑ දායකත්වයක් ලබාදිය යුතු ය.

5ලංකාවේ තෙත්බිම්වල ජීවී විවිධත්වය

අතිබහුතරයක් වන ලංකාවේ තෙත්බිම්වලින් මෙරටට ඇති මෙහෙය ඉමහත්ය. මෙරට ජෛව විවිධත්වයෙන් සැලකිය යුතු පර ල මාණයක් සාන්ද්රහගතව ඇත්තේ ද තෙත්බිම් ආශරිිව තව ය.  
ලංකාවේ වාර්තා වන පක්ෂි විශේෂ 465 අතුරෙන් 115 ක් පමණ ජීවත් වන්නේ තෙත්බිම්වල ය. මේ අතර නේවාසික මෙන්ම සංකරක් මණික පක්ෂි විශේෂ ද බොහොමයක් වෙයි. මිරිදිය තෙත්බිම්වල ජීවත්වන 51 ක් වන මිරිදිය කකුළුවන් ගෙන් විශේෂ 50 ක් ම ලංකාවට ආවේණික ය. මෙය ලංකාවේ මිරිදිය තෙත්බිම්වල වැදගත්කම මනාව විදහාපාන එක් පරමාලධාන සාධකයකි. මිරිදිය තෙත්බිම් ඇසුරේ ජීවත්වන මත්ස්ය  විශේෂ 91 අතුරෙන් 50 ක් ලංකාවට ආවේණික වේ.
මීට අමතර ව තෙත්බිම් ඇසුරෙහි ජීවත්වන තවත් සුවිශේෂී ජීවී කාණ්ඩ කිහිපයකි. එනම් බත්කූරන් හා උභයජීවීන් ය. මොවුන් ගේ ජීවන චකරුව යේ මූලික අවස්ථා මිරිදිය තෙත්බිම් ඇසුරේ ගත කරයි. ලංකාවේ බත්කූරන් විශේෂ 120 ක් හමු වන අතර, ඉන් විශේෂ 57 ක් ලංකාවට ආවේණික ය. උභයජීවීන් 112 ක් මෙරටින් වාර්තා වන අතර, ඉන් විශේෂ 96 ක් ලංකාවට ආවේණික ය. මොවුන් මිරිදිය පරිසර පද්ධති ඇසුරේ හෝ ඒ ආශරිාර්තව ජීවත් වේ.
13ලංකාවේ මිරිදිය පරිසරවල ජලජ ශාක විශේෂ 370 ක් පමණ වාර්තා වේ. ඒ අතර ජලජ මීවන හා මීවන ආශරිප  ත ශාක විශේෂ 28 ක් පමණ ද වෙයි. මිරිදිය දියපහරවල හමුවන කෙටල (Lagenandra) විශේෂ අට අතුරෙන් හතක් ලංකාවට ආවේණික ය. කෙකටිය (Aponogeton) විශේෂ හතර අතුරෙන් දෙකක් ලංකාවට ආවේණික ය. අතිඋඩයන් (Cryptocoryne) විශේෂ එකොළහක් වාර්තා වන අතර ඒ සියල්ලම ලංකාවට ආවේණික වේ.
ලංකාවේ මිරිදිය තෙත්බිම් පමණක් නො ව කඩොලාන හා කොරල්පර වැනි කරදිය තෙත්බිම්වල ජෛව පරකා ජාවේ විවිධත්වය සැලැකූ විට ද මේ ආකාර ම වේ. තෙත්බිම් පරිසර පද්ධති පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී කඩොලාන වනාන්තර පිළිබඳව අමතක කළ නොහැකි ය. කලපු, මෝය හා ලේවායන් ආශරිප  තව පිහිටි කඩොලාන පරිසර පද්ධති තුළ සාගරයේ ජීවත්වන ජීවී විශේෂ සමහරකගේ ජීවන චකරත් යේ මූලික අවස්ථා ගත කරයි. සාගරයේ ජීවත්වන සමහර මත්ස්යී විශේෂ මෙන්ම අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂවල ජීවන චකර ගතයේ මූලික අවස්ථා කඩොලාන පරිසරවල ගත කර වර්ධනය වූ සතුන් නැවත මුහුදට ගමන් කරයි.
ලංකාව වටා වෙරළ තීරයේ පිහිටි කලපු, මෝය හා ලේවායන් ආශරිය  තව සත්යව කඩොලාන ශාක විශේෂ 22 ක් වාර්තා වෙති. ඒ අතර මල් කඩොල් (Rhizophora spp), පුංකණ්ඩ (Ceriops tagal), මණ්ඩ (Avicennia spp), කටු ඉකිලිය (Acanthus illicifolius), ගිංපොල් (Nypa fruticans) වැනි ශාක විශේෂ වෙති. මෙම කඩොලාන පරිසර ආශිර ෙ තව පොකිරිස්සන්, ඉස්සන්, 15කකුළුවන් හා මත්ස්යවයින් ඇතුළු ජලජ ජීවී විශේෂ බහුතරයක් ජීවත් වෙති.
කොරල්පර දැක ගත හැකි වන්නේ නොගැඹුරු මුහුදු තීරයේ, ස්ථාවර ලවණතාවය හා සූර්යාලෝකය හොඳින් ලැබෙන පරදැකදේශවල ය. ලංකාව වටා මුහුදු තීරයේ කුල 19 කට අයත් ගන 69 ක් යටතේ කොරල් ජීවී විශේෂ 188 ක් වාර්තා වේ. ඒ අතර අං කොරල්, මේස ආකාර කොරල්, මොල ආකාර කොරල්, ගෝලාකාර කොරල්, ස්ථර කොරල් සහ පැතලි ආකාර කොරල් වශයෙන් කොරල් ආකාර බොහොමයක් දැක ගත හැකි ය. කොරල්පර ආශරිහ පත ව මත්ස්යර විශේෂ 700 කට වැඩි පරයා මාණයක් වාර්තා වේ. ඒ අතර කොරල්පර මත යැපෙන පනාවන් සහ පර ආශරිලි ත ව ජීවත්වන මත්ස්ය්යින් අතර කොස්සන්, ගිරව්, ගල්ගුල්ලන්, ගිනිමහ, පේත්තයා හා රුවල්කාරයින් වැනි මත්ස්ය්යින් වෙති. මීට අමතරව පසැඟිල්ලන්, ඉකිරින්, ඉස්සන් වැනි අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ බොහොමයක් ම කොරල්පර ආශරිිත ත ව දැක ගත හැකි ය.
මේ දත්ත සියල්ල සම්පිණ්ඩනය කළ විට ලංකාවේ තෙත්බිම්වල ජෛව විවිධත්වයේ අගය මනාව පැහැදිලි වේ. අප රටේ තෙත්බිම් සංරක්ෂණය උදෙසා වෙනම ම ආයතනයක් හා පනතක් අත්යජවශ්ය ව ඇත්තේ මේ නිසා ය. දැනට ලංකාවේ තෙත්බිම් කිහිපයකට ඍජු ව ආරක්ෂාව ලැබී ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නෛතික පරිම්තිපාදන යටතේ පමණි. මීට අමතර ව වාරිමාර්ග ආඥා පනතේ, ජාතික පාරිසරික පනතේ නෛතික පරක පතිපාදන ද තෙත්බිම් කළමනාකාරණයට යොදා ගැනේ. එහෙත් දැනට තෙත්බිම්වලට සිදු වෙමින් පවතින තර්ජන පිළිබඳ ව අවබෝධ කර ගත් විට මේ නීති පරණයටමාණවත් නොවන බවත් ඒ සඳහා වෙනම ම නෛතික පරවතිතිපාදන අවශ්යග ව ඇති බවත් පෙනී යයි. ඒ සඳහා පෙබරවාරි දෙවනදාට යෙදෙන ලෝක තෙත්බිම් දිනයේ දී වත් අප පළමු පියවර තැබීම අත්යගවශ්යතව ඇත.

තෙත්බිම් සංරක්ෂණයට වෙනම අධිකාරියක් අවශ්ය‍ වන්නේ ඇයි?

අද වන විට මෙරට තෙත්බිම් වැඩිම තර්ජනයට ලක් වූ පරිසර පද්ධති ලෙස හැඳින්විය හැකි ය. නාගරික හා කර්මාන්තශාලා අපද්ර්ව්යම බැහැරලීම, ගොඩකිරීම, ජනාවාස ව්යාවප්ත කිරීම, කසළ රැුදවුම් පවත්වා ගෙන යාම, මැණික් ගැරීම, වැලිගොඩ දැමීම, කෘෂිකර්මාන්තයේ දී අධික ලෙස භාවිතා කරන රසායනික කෘෂි රසායන තෙත්බිම්වල සාන්ද්ර්ගත වීම, මිරිදිය තෙත්බිම් ලවණීකරණය හා ආම්ලීකරණය වීම ආදී හේතූන් මත තෙත්බිම්වල ගුණාත්මක භාවය පිරිහීමට ලක්වීම හේතුවෙන් ජෛව පරබිමජාව දැඩි තර්ජනයට ලක් ව ඇත.
මිරිදිය දියපහරවල්, ගංගා, ඇළ, දොළ, වැව්, ජලාශ, වගුරු වනාන්තර, පිටාර තැනි, විල්ලූ, වගුරු බිම්, කඩොලාන, ලවණ වගුරු බිම් හා කොරල්පර වශයෙන් ඉතා පුළුල් විෂයය පරාසයක හා විශාල භූ ගෝලීය පරොල දේශයක් පුරා පැතිරුණු තෙත්බිම් අති බහුතරයක් අප රට තුළ පිහිටා තිබීම නිසා මේවා නිසි පරිදි කළමනාකරණය කිරීමට වෙනම අධිකාරියක් හා ඒ සඳහා වන තෙත්බිම් සංරක්ෂණ හා කළමනාකරණ පනතක් අද වන විට අප රටට අත්යකවශ්ය ව ඇත.
ලංකාවේ මේ එක් එක් තෙත්බිම්වල ඇති ජල විද්යා ත්මක, ජෛව විද්යාකත්මක, භූ විද්යාදත්මක, පරිසර විද්යා ත්මක හා සමාජ විද්යාජත්මක වටිනාකම් එකිනෙකට වෙනස් ය. මේ නිසා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ඉදිරියේ දී මනාසැලසුම් සකස් කළ යුතු ව ඇත. දැනට සිදුවන ආකාරයේ විවිධ ආයතන විවිධ අයුරින් තෙත්බිම් සංවර්ධනය සඳහා සැලසුම් සකස් කිරීමෙන් අවසානයේ දී බලාපොරොත්තු වන පරේ වතිලාභ ලබා ගත නොහැකිවනු ඇත.
මේ නිසා නිවැරදි තෙත්බිම් සංරක්ෂණ හා කළමනාකරණ පරීමෙතිපත්තියක් ඒ මත පදනම් වූ තෙත්බිම් සංරක්ෂණ පනතක් හා තෙත්බිම් සංරක්ෂණ අධිකාරියක් ස්ථාපිත කිරීම අත්යදවශ්යකව ඇත.

තෙත්බිම් සහ ජල කළමනාකරණය

මෙවර ජාත්යහන්තර තෙත්බිම් දිනයේ තේමාව තෙත්බිම් හා ජල කළමනාකරණය (Wetlands and Water Management) යන්නයි. ජලයේ සුරක්ෂිතතාවය සෑමවිටම තෙත්බිම් මත රදා පවතී. තෙත්බිම් රැක ගැනීම ජල කළමනාකරණයට පහසුවක් වේ. මෙය මානව කේන්ද්රීතය දෘෂ්ටිකෝණයක් මත නොව සමස්ත ජීවී පර් සජාව කේන්ද්රම කොට ගත් ජල කළමනාකරණයක් විය යුතු ය. බොහෝ විට ජල කළමනාකරණ න්යාියයන්හි අන්තර්ගත වන්නේ මානව කේන්ද්රීයය ස්වභාවයකි. නමුත් මෙවර ජාත්ය න්තර තෙත්බිම් දිනයේ තේමාව ඉන් ඔබ්බට ගිය අර්ථයකින් අප භාවිතයට ගත යුතුව ඇත.
ජලය මිනිසාට පමණක් නොව සමස්ත ජීවී පරකි ජාවටම අත්යයවශ්ය  අංගයකි. එය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් සමස්ත ජෛව පර සමජාව ගේ පැවැත්මට ඒ තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇත. ජලයේ ගුණාත්මක භාවය, පරත  මාණාත්මක භාවිතය හා උපයෝගීතාවය යන කරුණු පිළිබඳ ව ජල කළමනාකරණයේ දී සිතා බැලිය යුතු ය. ජලයේ ගුණාත්මක භාවය පිරිහෙන පරිදි අපද්රතව්යු එක් වීමෙන් හෝ ලවණීකරණය හෝ ආම්ලීකරණය වීමෙන් ජලය රැුකගැනීම, ස්වාභාවික පරරිදභවයන් තුළ මිනිසා ඇතුළු සියලූ ජීවීන්ට පරආම්මාණවත් වන පරිදි හා අවශ්යජතාවයන්ට සරිලන පරිදි ජලය රඳවා තබා ගැනීමට හැකිවීම යන කරුණු ජල කළමනාකරණයේ දී වැඩි අවධානයකට ලක් කළ යුතු ව ඇත. සමස්ත ජීවී පරට හජාව ගේම අනාගතය තෙත්බිම් මද රඳා පවතින බැවින් ඒ බැඳීම දෙදරා යෑමෙන් සමස්ත ජීවී පරවා ජාවම වැනසී යනු ඇත යන චින්තනය මත පදනම්ව තෙත්බිම් හා ජල කළමනාකරණ සැලසුම් සකස් කිරීම අවශ්යවව ඇත. 

රැම්සා පරහා ඥප්තියට අනුව තෙත් බිමක් යනු

ස්වාභාවිකව හෝ කෘතරිා  ම, ස්ථිර හෝ තාවකාලික, නිසල හෝ ගලා බසිනා ජලය ඇති, මිරිදිය, කලපු හෝ ලවණ ජලය ඇති වගුරු බිම් හෝ මුළුමනින් ම ජලයෙන් වැසුණු බිම් හා බාදිය අවස්ථාවන්හි දී මීටර් 06 කට වැඩි නො වූ සාගර බිම් තෙත්බිම් වශයෙන් හැඳින්වේ.
1997 වසරේ සිට 2012 වසර දක්වා ලෝක තෙත්බිම් දිනයන්හි තේමාවන්
1997 – තෙත්බිම් ජීවයේ උල්පතයි
1998 – තෙත්බිම් සඳහා ජලය, ජලය සඳහා තෙත්බිම්
1999 – පරත් ජාව තෙත්බිම් අතර සබැඳියාව
2000 – අන්තර්ජාතික වැදගත්කමක් ඇති තෙත්බිම් සුරකිමු
2001 – තෙත්බිම් ලෝකය හඳුනාගනිමු
2002 – තෙත්බිම්, ජලය, ජීවිතය හා සංස්කෘතිය
2003 – තෙත්බිම් නොමැතිනම් ජලයත් නොමැත
2004 – තෙත්බිම් – කඳු මුදුනේ සිට මහ සයුර වෙත
2005 – තෙත්බිමේ ජෛව උරුමය හා සංස්කෘතිය
2006 – දිළිඳුකම පිටු දැකීමට තෙත්බිම් සුරකිමු
2007 – හෙට දිනට මත්ස්යැ සම්පත
2008 – සෞඛ්යි සම්පන්න තෙත්බිම් හා සෞඛ්යය සම්පන්න මිනිස්සු
2009 – ඉහළ ගංඟාධාර හා පහළ ගංඟාධාර අප සියල්ල එක් කරයි
2010 – තෙත්බිම් සුරකිමු, දේශගුණ විපර්යාස පිටුදකිමු
2011 – ජලය හා තෙත්බිම් සඳහා වනාන්තර
2012 – තෙත්බිම් හා සංචාරක කර්මාන්තය

6 9 10
12 11 14
8 7

ශ්‍රී ලංකා ගාර්ඩියන්

//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({}); //pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js (adsbygoogle = window.adsbygoogle || []).push({});