න්‍යෂ්ඨික යුද්ධයක අවදානම!

අදහස්: මොහාන් සමරනායක
සටහන: සමන් සඳරුවන්

උතුරු කොරියාව සිදු කරණ මිසයිල අත්හදා බැලීම් සමග ලෝක බලවතුන්ගේ සිට සෙසු රටවලද අවදානය උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමේ ක්‍රියාදාමයට යොමු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයද උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම හෙලාදිකිමින් නිවේදන නිකුත් කලද පසුව ඒ නිවෙදනයේ නිරවද්‍ය බව පිළිබඳ ගැටළු ඇතිව තිබේ. කෙසේ වුව අගෝස්තු මස 06 වන දිනය ලෝක ඉතිහාසයේ ලියවී තිබෙන්නේ කුරිරු සටහනකින්ය, එනම් ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගශාකි යන නගර දෙකට එතෙක් ලොව නිෂ්පාදිත අති බිහිසුනුම අවිය නිරායුධ සාමාන්‍ය ජනතාවට එරෙහිව පහරදීමට යොදා ගත් දිනය 1945 අගෝස්තු මස 06 වන දා වීමයි. එතෙක් ලොව සිදු වූ අති අමානුෂික ජනසංහාරයට එරෙහිව අගෝස්තු මස 06 වනදා න්‍යෂ්ටික විරෝදී දිනය සහ හිරෝෂිමා දිනය ලෙස නම් කර තිබේ. න්‍යෂ්ටික අවි භාවිතය සහ ලෝක දේශපාලනය මෙන්ම උතුරු කොරියාවේ මිෂයිල අත්හදා බැලීම තුළ කලාපියව මුහුණ දෙන අනතුර, රුසියාව සහ ඇමරිකාව අතර ඇති සම්බඳ මුහුණ දි තිබෙන අර්බුය පිළිබඳව ලංකා ගාර්ඩියන් සමග කථාබහට එක් වුයේ මාධ්‍යවේදී මොහාන් සමරණායක මහතයි.

( ඉදරියේ දි මාධ්‍යවේදී මොහොන් සමරණායක මහතා ලෝක දේශපාලනය සම්බන්දව සිදු කරණ විග්‍රහයක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් ගාර්ඩිය ඔස්සේ පාඨකට ඔබට සතියකට වරක් නැරබිමේ අවස්ථාව උදා වේ.)

මුලින්ම කියන්න ඕන න්‍යෂ්ටික තාක්‍ෂණයේ තාක්‍ෂණික ක්‍රියාවලියට වඩා මා අධ්‍යානයට ලක් කරන්නේ, නුතන ලෝක රටාවේ බලවතුන් විසින් තම බලය පවත්වා ගැනීම සහ රැක ගැනීම සදහා න්‍යෂ්ටික තාක්‍ෂණයෙන් නිෂ්පාදිත අවි භාවිතය සහ එය ලෝක මනුෂ්‍ය ප්‍රජාවට ඇති කර තිබෙන බලපෑම පිළිබඳවයි. මුලික හදුනා ගැනීමක් කලොත් න්‍යෂ්ටික ශක්තිය යනු ශක්ති විශේෂයක්. ඕනෑම වස්තුවක් චලනය විමට ශක්තිය අවශ්‍ය වෙනවා. උදාහරණයක් කිවොත් මිනිසා ඇතුළු ජීවින් චලනය වන්නේ ලබා ගන්නා ආහාරවලින් නමුත් වස්තුවක් ගත හොත් එය චලනය විමට බාහිර ශක්තියක් අවශ්‍ය වෙනවා. ගල් අගුරු දුම්රිය දාවනය වන්නේ ගල් අගුරු පොශිල දහනයෙන් ලැබෙන ශක්තියෙන්.

න්‍යෂ්ටික ශක්තිය බලශක්ති විශේෂයක් ලෙස හදුනාගෙන වසර 200 කට මදක් වැඩි වෙනවා. දැනට සියවසකට පමණ පෙර සිට න්‍යෂ්ටික ශක්තිය අවි ආයුධ නිෂ්පධනයේදී යොදා ගැනීමට පෙලබුනා.

න්‍යෂ්ටික තාක්‍ෂණය යොදාගෙන ආයුදයක් නිෂ්පාදනය කිරීමට මුලින්ම උත්සහ කලේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් නමුත් වාසනාවකට එය හිට්ලර්ට සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ. ඒකට හේතු උනේ එම කාර්යයට සම්බන්ද වෙලා හිටිය විද්‍යාඥයන් යම් කලකදී ජර්මනිය අතරහැර පලායාම. එයින් කෙනෙක් තමයි අයින්ස්ටයින් ඔහු පසුව සාමය වෙනුවෙන් ඉතා දැඩිව පෙනී සිටි කෙනෙක් නමුත් ඔහු න්‍යෂ්ටික බෝම්බයේ එක්තරා විදියක පියෙක් විදියට හදුන්වන්න පුළුවන්. දෙවන ලෝක යුද සමයේ හිට්ලර් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සදහා උත්සහ ගන්න අවදිය තුලම ඇමරිකාවත් මේ කාර්ය සදහා වෙහෙස ගනිමින් සිටියා. දෙවන ලෝක යුද්දය අවසන් වෙමින් තිබියදී ඇමරිකාව සමත් උනා න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන්නට. ඒවගේම ඔවුන් නිෂ්පනදනය කල මේ න්‍යෂ්ටික අවිය 1945 දි ජපානයේ හිරෝෂිමා සහ නාගශාකි නගර දෙකට පතිත කලා. මෙම බෝම්බ දෙක විශේෂ නම් දෙකකින් ඔවුන් හැදින් වුවා එනම් හිරෝෂිමා නගරයට අගෝස්තු 06 වන දින පතිත කල බෝම්බය හැදින්වුයේ කුඩා ළමයා ( The little boy) කියල. අගෝස්තු 09 වනදා නාගශාකි නගරයට පතිත කල බෝම්බය හැදින්වුයේ මහත ළමයා කියන අදහස දෙන (The fat boy) කියලයි. විශේෂත්වය තමයි මේ බෝම්බ ගෙනයන මිෂයිල තිබුනේ නැහැ ඒ වෙනුවට කලේ ගුවන් යානයකින් ගොස් පතිත කිරීම. එහිදී ජපානයට දැවැන්ත විනාශයක් වුන බව අපි දන්නවා. මෙහිදී සැගවුණු දේශපාලන කරුණක් තියනවා. ඒ තමයි එහෙම න්‍යෂ්ටික අවියකින් ජපානයට පහරදීමේ අවශ්‍යතාවක් තිබුනේ නැහැ. එනම් දෙවන ලෝක යුද්දය සිදු වූ පාර්ශව දෙක, මිත්‍ර (ඇමරිකාව, රුසියාව, චීනය,ප්‍රංශය,බ්‍රිතාන්‍ය) පක්‍ෂය සහ අක්ෂ (ජර්මනිය, ඉතාලිය සහ ජපානය) පක්‍ෂය. 1945 මැයි මාසය වන විට යුද්ධය ආරම්බ කල ජර්මනිය යටත් විමේ ගිවිසුමක් අත්සන් කරලා තිබුනේ. ආසියාවේ බලවතා වුණු ජපානය පසුබසිමින් සිටියේ. ඒ නිසා න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. ඒ වන විට ඇමරිකාවේ ජනාධිපති ටෘමන්ට අවශ්‍ය වුනේ ඔවුන් නිෂ්පාදනය කරලා තිබුණ මෙම නියෂ්ටික අවිය කොයිතරම් ප්‍රතිපල දායකද කියල අත්හදා බැලීමටයි. අද ලෝකෙටම මානව හිමිකම් කතා කරණ ඇමරිකාව නිරායුද සිවිල් වැසියන්ට එරෙහිව තමන් නිෂ්පාදනය කල භයංකර අවිය අත්හදා බැලීමට යොදා ගන්නවා. ඉන්පසු විද්‍යාඥයන් හට තේරුම් යනව මෙහි ඇති අති බිහිසුණු බව. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව බොම්බ හෙලීමෙන් පසු පළමු පැය ඇතුලත ලක්‍ෂ දෙකහමාරක් පමණ මියගිය කියල සටහන් වෙනවා . මේ පළමු පැය කියන විශේෂ යෙදුම ඉතාම වැදගත් මොකද න්‍යෂ්ටික බෝබයක විකිරණ වල බලපෑම වසර ගණනාවක් පුරාවට පවතිනවා. ඒ නිසාමයි අදවන විට න්‍යෂ්ටික ගැටුමක් වලක්වා ගැනීමේ අවශ්‍යතාව මතු වි තිබෙන්නේ. න්‍යෂ්ටික අවි සහිත රටවල් අතර ගැටුමක් ඇතිවුව හොත් එය මනුෂ්‍ය සංහතියේ විනාශයේ ආරම්බය වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. හිරෝෂිමා, නගශාකි වලට හෙලු බෝම්බ නිර්මාණය කිරීමට දායක වූ ඇතම් විද්‍යාඥයන් දිවි නසා ගත්තා ඒ වගේම න්‍යෂ්ටික බෝම්බය නිර්මාණය කරන්න කියල රූස්වෙල්ට් ජනාධිපතිවරයාට ලිපියක් ලිව අයින්ස්ටයින් මේ විනාසයෙන් පස්සේ න්‍යෂ්ටික අවි පිටුදැකීමේ ව්‍යාපාරයේ පෙරමුණ ගත්තා. මෙයින් පැහැදිලිවනව න්‍යෂ්ටික අවියේ බයංකර බව.

1950 දශකය වන විට ඇමරිකාව සතුව තිබු න්‍යෂ්ටික යුදඅවි එකාදිකාරය බිඳ වැටුනා. අද වන විට නිල වශයෙන් ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය, බ්‍රිතාන්‍ය , ඉන්දියාව සහ පකිස්ථානය යන මේ රටවල් පහම න්‍යෂ්ටික යුද අවිවලින් සන්නද්දයි. ඒවගේම සැලකිය යුතු තොරතුරු තියනවා ඊශ්‍රයලය සහ උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි තිබෙන බවට. අද තිබෙන තරගය තමයි බලවත් රටවල් ලෝකය තමන්ගේ ආර්ථික දේශපාලන අවනත බාවයේ තබා ගැනීමට විශාල තරගයක නිරත වෙනවා. මේ තරගයේ දි අවි ගැටුමක් ඇති විය හැකියි. එවැනි අවි ගැටුමක් ඇති වුව හොත් එහිදී න්‍යෂ්ටික අවි භාවිතය වලක්වා ගැනීමට නොහැකි කාරණයක්. දැනට දින කිහිපයකට පෙර පකිස්ථානයේ හමුදා පාලකයාව සිටි ප්ර්වයෂ් මුෂාරෆ් ප්‍රකාශයක් කරලා තිබුණා පුවත්පතකට ඉන්දියාව සමග කාගිල් කඳු වැටිය අරබයා ඇති වූ ගැටුමක් ඇතිවීමට ගිය මොහොතේ තමන් කල්පනා කල බව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට. ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක ලේකම් වරයෙක් වන ශිවශංකර් මෙනන් ඇමරිකානු පුවත්පතකට ප්‍රකාශයක් කරමින් කියා සිටියා පකිස්ථානය සමග ඇතිවන ගැටුමකදී මුල් වරට න්‍යෂ්ටික අවියකින් පහරදීමට අවධානය යොමු වූ බව. දැනට සතියකට පමණ පෙර නිවියෝක් ටයිම්ස් පුවත් පතේ ලිපියක් සදහන් කරනවා ඉන්දියාව තමන්ගේ න්‍යෂ්ටික චින්තනය වෙනස් කිරීමට උත්සහ කරණ බව. කුමක්ද මේ කරන්න හදන්නේ. න්‍යෂ්ටික යුද්ධයකදී ඉතාම වැදගත් කොන්දෙශියක් තියනවා not to be first use ( මුලින් භාවිතා නොකිරීම) කියල. ඒ කියන්නේ මම ප්‍රතිඥවක් දෙනවා මම න්‍යෂ්ටික අවියකින් පහර දෙන්නේ නැහැ කියල එහෙනම් ඔබ භාවිතා කරන්නෙත් නැහැ එකෙන් න්‍යෂ්ටික අවි භාවිතය වලකිනවා. නමුත් දැන් ඉන්දියාවේ අවදානය යොමු වෙලා තිබෙනවා මුලින් පහර දීමට (first to use). ඉන්දියාව හා පකිස්ථානය අතර ඇතිවන ගැටුමකදී එහි බලපෑම ඇතිවන්නේ ඒ රටවල් දෙකට පමණක් නෙවේ ලංකාව ඇතුළු අවට සියළුම රටවල් වලට එය බලපානවා. දැනට න්‍යෂ්ටික යුධයක් නතර වි තිබෙන්නේ එක කාරණයක් මත ඒ න්‍යෂ්ටික යුද්ධයකදී ජයග්‍රාහකයෙක් තීරණය වෙන්නේ නැ. ජයග්‍රහකයත් පරාජිත්යත් දෙදෙනාම පරදිනවා.

අද වන විට මේ න්‍යෂ්ටික අවි (ඒකට කියන්නේ Nuclear warhead කියල ) ගෙන යාමට ගුවන් යානා භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මිෂයිල යොදා ගන්නේ, උතුරු කොරියාව මේ න්‍යෂ්ටික අවි ගෙන යන අන්තර් මහද්ධිපික මිෂයිල ( intercontinental ballistic missile )සාර්ථකව අත්හදා බලමින් සිටින්නේ. සෝවියට් දේශය තිබෙන යුගයේ විදයාඥයන් විසින් අධ්‍යනයක් කලා න්‍යෂ්ටික යුද්දයක් ඇති වුව හොත් සිදුවන පලවිපාක පිලිබඳ. එසේ නියෂ්ටික ගැටුමකදී ඇතිවන පිපිරීම් සමග උෂ්ණත්වය ඉහළයාම සිදු වන විට අවට පරිසරය ගිනිගත හැකි බවටයි නිගනමය වූනේ. න්‍යෂ්ටික පිපිරීම් සමග පොළොව මත විශාල අවාට ඇතිවනවනවා ඒ වගේම න්‍යෂ්ටික පිපිරීම් සමග ඇතිවන දුහු විල්ල ඉහළ අහසේ මුහුදු හත්තක් ලෙස තැන්පත් විය හැකි බවත් එය වසරක් පමණ තිබෙනු ඇති බවත් තමයි නිගමනය උනේ. මේ දුහුවිලි වළාව හැදින්වුවේ Nuclear winter (න්‍යෂ්ටික රාත්‍රිය, න්‍යෂ්ටික ශිත සමය) කියල. වසරක් පුරාවට පෘතුවියට හිරු ආලෝකය නොලැබුන හොත් මොන වගෙ තත්වයක් උදා වේවිද කියල නිගමනය කල හැකියි. එහි ප්‍රතිපල මොන තරම් දරුණු වේවිදැයි නිගමනය කල හැකයි.

උතුරු කොරියාව පිළිබද අවදානය යොමු කලොත් එහි ඉතිහාසය ඉතා කෙටියෙන් කිව යුතුමයි. කොරියානු අර්දධිපය ජපානය විසින් පහුගිය සියවසේ යටත් කර ගන්නවා ඒ 1905 පමණ, ජපානය එහි ගෙන ගියේ කූර පාලනයක්. එහි ජපානයට විරුද්දව ගරිල්ලා ව්‍යාපාර ඇතිවෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජයට පත් විමත් සමග කොරියානු අර්දධිපයේ උතුරු දෙසින් රුසියානු රතු හමුදාවත් දකුණු දෙසින් ඇමරිකානු හමුදාත් ජපානයට පහර දෙනවා. එහි ප්‍රතිපලය විදියට ජපානය පලා යනවා, කොරියාව දෙකඩ වෙනවා. ඉන්පසු උතුරේ බිහිවෙනවා කොමියුනිස්ට් පන්නයේ රුසියානු හිතවාදී ආණ්ඩුවක් දකුණේ නතර වෙනවා ඇමරිකානු හමුදා එහි ගොඩ නැගෙනවා ඇමරිකාවට හිතයිෂි පාලන තන්ත්‍රයක්. අද වෙන විට නම් උතුරු කොරියාව තුල සමාජවාදී පාලන රටාවක් දක්නට නැහැ. බොහොම ආවෘත, මර්දන කාරී, රහසිගත, නායකත්වය වන්දනා මන කරණ, අධිකාරිවාදී පාලනයක් තිබෙන බව තමයි පෙනෙන්නේ. මෙහි තිබෙන ප්‍රශ්නය තමයි යම් රටක එවැනි මර්දනකාරී පාලන ක්‍රමයක් තියනවනම් එය වෙනස් කිරීම ඒ රටේ ජනතාවගේ කාර්යක්, එයට බාහිර රටවල් කුමන්ත්‍රණ මගින් මැදිහත් විම අන්තර්ජාතික නීතියට පටහැනියි. දකුණු කොරියාව තුල ඇමරිකානු හිතවාදී ආඥාදායක පාලනයක් ගොඩනැගෙනවා. එහි ඇමරිකානු හමුදා 45000ක් පමණ රදවනවා. කෙසේ වුවත් අද වන විට දකුණු කොරියාව ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමයක් තුල විශාල ආර්ථික වෘදියක් අත්පත්කර ගෙන තිබෙනවා. අද දකුණු කොරියාව සංවර්දිත රටක් විදියට තමයි සලකන්නේ.

දෙවන ලෝක යුද්දයේ දි ඇමරිකානු හමුදා උතුරු කොරියාව තුල විශාල හානියක් සිදු කලා. මේ අමිහිරි මතකය සමග උතුරු කොරියාව යුද යන්ත්‍රක් සකස් කලා තමගේ රට බාහිර බලයක් විසින් යටත් කර නොගැනීමට. මේ සදහා ඔවුන් යොදා ගත්තා හොදම අයුදය තමයි නියෂ්ටික ආයුදයක් හදන එක. මොකද නියෂ්ටික ආයුදයක් තිබෙනවානම් ඕනෑම බලවතෙක් පහර දීමට බය වෙනවා, මා මුලින් ඒ ඇයි කියන එක පැහැදිළි කලා. උතුරු කොරියාවේ පාලන රටාව අපට පිලි ගත නොහැකියි නමුත් එය වෙනස් කල යුත්තේ ඒ රටේ ජනතාව විසින්. උතුරු කොරියාව අද වන විට මේ අත්හදා බැලීම් කරන්නේ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජන්දයෙන් එල්ල විය හැකි තර්ජනයන්ට මුහුණ දීම සදහායි. පැහැදිළිවම මෙහිදී විය යුත්තේ අදිපති ලෝක රටාව වෙනස් වීමයි. බලවත් රටවල් විසින් තමන්ට අවශිය පරිදි ලෝකය වෙනස් කිරීමට ගන්නා උත්සාහය නතර විය යුතුයි.

ඇමරිකාව සහ රුසියාව අතර සබදතා යලිත් වරක් උණුසුම් ස්ථානයක් ගෙන තිබෙනවා. 2016 මැතිවරණයේදී හිලරි ක්ලින්ටන්ගේ මතය වුණේ රුසියාවට විරුද්දව ඉතා දැඩි පියවර ගත යුතුයි කියන එක. ඇය අදහස් කලා සිරියානු ගුවනේ ” පියාසර තහනමි” කලාපයක් ( no fly zone) ඇති කිරීමට. ඒ කියන්නේ කිසිදු රටක ගුවන් යානයකට එම කලාපයට ඇතුල් නොවිමට දීම. මේ මොහොත වන විට රුසියාව සිරියාවේ යුද මෙහෙයුම් වලට සම්බන්ද වෙලා හිටියේ. no fly zone හැදුවොත් එහෙම රුසියාව අභියෝගයට ලක් වෙනවා. එහිදී සිදුවන්නේ රුසියාව සමග ගැටුමක් ඇති වෙන එක. නමුත් මැතිවරණයට පෙර ට්‍රරම්ප්ගේ මතවාදය වුණේ රුසියාව සමග මිත්‍ර ශීලීව සිටීමට සහ චීනය මට්ටු කිරිමට අවශිය බවයි. එහෙත් ට්‍රරම්ප් බලයට පැමිණීමෙන් පසු ඒ තත්වය වෙනස් වි තෙබෙනවා. රුසියාව සමග ගැටුම් ඇති වි තිබෙනවා පැති කිහිපයකින්. එකක් කොංග්‍රස් පක්‍ෂයේ පරාජයට රුසියාව කුමන්ත්‍රණ කලා කියන එක, එය තහවුරු කිරීම සදහා විවිධ සාධක ඉදිරිපත් වෙනවා. ට්‍රරම්ප්ගේ පුතා රුසියානු රජයේ නීතිඥවරියක් සමග සම්බන්දතා පැවැත්වූ බවට සක්ෂි ඉදිරිපත් කරනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොංග්‍රසය විසින් රුසියාවට තවත් සම්බාදක පනවනවා. අකමැත්තෙන් හෝ ට්‍රරම්ප්ට සම්බාදක යෝජනාවන්ට අත්සන් කිරීමට සිදුව තිබෙනවා. මේ වන විට රුසියානු ඇමරිකා සම්බදතා දුරස්ව තිබෙන්නේ. රුසියාවත් ඇමරිකාවත් අතර යුද සමබරතාව ඉතා පටු තිරයකින් තමයි වෙනස් වෙන්නේ.

සෝවියට් දේශය බිද වැටීමත් සමග ඇමරිකාව කල්පනා කරණවා තමන්ට හිතෛෂි ගැති පාලනයක් රුසියාවේ ඇති කිරීමට, තමන්ගේ වෙළදපොලක් රුසියාවේ ඇති කිරිමට. පුටීන් පාලනයට පෙර බොරිස් යෙල්ට්සින්ගේ (Boris Yeltsin )

පාලනය තුල ඇමරිකාවට ඒ තත්වය බලාබොරොත්තු විය හැකි උණා මොකද ඔහු බේබද්දෙක්. නමුත් පුටීන් බොහොම දැඩි නායකයෙක්, ඔහුගේ පාලනය යටතේ යුද ශක්තිය ආර්ථික ශක්තිය බලවත් කලා. අද වන විට රුසියාව සිටින්නේ අභියෝගයට අභියෝග කරමින් තරගයට තරගය ලබා දෙමින්.

ශ්‍රී ලංකා ගාර්ඩියන්