දිවයිනේ කීර්ති කන පතේ පහරයි !

ලංකා නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

විමල් වීරවංශගේ නිල වෙබ් අඩවිය යොදාගෙන දිවයින පුවත්පතේ හිමිකරු නිමල් වෙල්ගමටත්,”ඉරිදා දිවයින” ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර ඇතුලූ කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුටත් පසුගිය දිනෙක එම පුවත්පතේම සේවය කරන කීර්ති වර්ණකුලසූරිය නැමැත්තා විසින් එල්ල කරන ලද ප්‍රහාරය මේ වනවිට එම ආයතනයේ සෙසු මාධ්‍යවේදීන් අතර දැඩි පිලිකුලට භාජනය වී තිබේ.

තමන්ගේ පෞද්ගලික ඊර්ෂ්‍යාව පිරිමහගනු පිණිස “ශ්‍රී ලංකා ගාඩියන්” වෙබ් අඩවියේ කර්තෘ නිලන්ත ඉලංගමුව මුල් කරගෙන පළකරන ලද පුවතකින් කීර්ති වර්ණකුලසූරිය නිමල් වෙල්ගමටත්, ගාමිණී සුමනසේකරටත්, ජයන්ත චන්ද්‍රසිරිටත්, බුලිත ප්‍රදීප් කුමාරට මෙන්ම “දි අයිලන්ඩ්” පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රභාත් සහබන්දු සහ එම පුවත් පතේ ජ්‍යෙෂඨ පුවත්පත් කළාවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ යන අයට පරහදීමක් කර තිබිණ.
විශේෂයෙන්ම පුවත්පතේ හිමිකරු නිමල් වෙල්ගමට සිදුකළ මෙම මාධ්‍ය ප්‍රහාරය මේ වනවිට එම පුවත්පතේ සෙසු කර්තෘ මණ්ඩල සාමාජිකයන් හඳුන්වන්නේ “කන පතේ පැහැරීමක්” ලෙසය. තමා වටා සිටින සමස්ථ සමාජය දෙසම වෛරයෙන්, ද්වේෂයෙන් සහ පලිගැනීමේ චේතනාවෙන් පසුවන කීර්ති වර්ණකුලසූරිය මෙම සිදුකළ ක්‍රියාව පිළිබදව පුවත්පතේ අධ්‍යක‍ෂක මණ්ඩලය වහාම විනයානුකූලව පියවර ගත යුතුව ඇතැයි එම ජ්‍යෙෂ්ඨ කර්තෘ මණ්ඩල සාමාජිකයින්ගේ අදහස වී තිබේ.

නිලන්ත ඉලංගමුව මහතා “දිවයින” පුවත්පතේ සේවය කරන අවධියේ ඔහු රැකගනු පිණිස නිමල්වෙල්ගම ඇතුලූ ඉහත කී ප්‍රවීන මාධ්‍යවේදීන් කටයුතු කළ බවත්, එමගින් ඔහු කියනා පරිදි නිලන්ත ඉලංගමුව මහතා දේශ ද්‍රෝහියෙකු නම් එම දේශ ද්‍රෝහියා රැකගැනීමට කටයුතු කර ඇත්තේ එවැනිම දේශද්‍රෝහි ක්‍රියාවන් කළ හැකි නිමල් වෙල්ගම ඇතුලූ සෙසු මාධ්‍යවේදීන් බවත්, එම අයගේ අදහස වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය යනු කවරෙක්දැයි කරුණු හෙළි කිරීමට දැන් කාලය එළැඹ ඇත. වසර 30කට ආසන්න කාලයක් මාධ්‍ය ෙක‍ෂ්ත්‍රයේ කටයුතු කළත් කීර්ති වර්ණකුලසූරිය තවම කොපිලියා ප්‍රවෘත්ති කර්තෘට භාරදෙන සාමාන්‍යගනයේ මාධ්‍යවේදියෙකි. ඔහු තවමත් සිදුකරනු ලබන්නේ ෆැක්ස් යන්ත්‍රයෙන් එන ඉංග්‍රීසි ප්‍රකාශන ශබ්ද කෝෂයක් ආශ්‍රයෙන් සිංහල පරිවර්ථනය කර අදාල ප්‍රවෘත්ති කර්තෘවරයාට භාරදීම සහ තමන් දන්නා සුලූ ආරක‍ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු අමතා ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ඊට තමා විසින්ම මනසින් නිර්මාණය කරන ලද කතා එකතු කරගෙන ආරක‍ෂක යැයි කියාගන්නා ලිපි ලිවීමයි. කීර්ති වර්ණකුලසූරියට කිසිදු මිත්‍රයෙකු, ඥාතියෙකු සිටීදැයි ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ නැත.

එමෙන්ම ඔහු වසර 20කට අධික කාලයක් දිවයින පුවත්පතේම සේවය කරන්නේ තවත් කරුණු කිහිපයක් හේතු කොට ගෙනය. එනම් ඔහු කොතරම් සන්ධාන රජයට පක‍ෂපාතී යැයි පෙනී සිටියත් ඔහුට රජයේ කිසිදු ඉහළ පෙළේ නිලධාරියෙකු රැකියා සඳහා ආරාධනා කර නැත. අවම වශයෙන් ජාතික රූපවාහිනියේ, ස්වාධීන රූපවාහිනියේ හෝ ලේක්හවුසියට හෝ පැමිණ ඉහල තනතුරක් භාරගන්න යැයි කිසිවෙකු පවසා නැත. මේ නිසා කීර්තිට සිදුවී ඇත්තේ එකතැන පල්වීමටය.

ඕනෑම රජයක් බලයට පැමිණි අවස්ථාවකදී එම රජයට හිතවත්ව මාධ්‍යකරනයේ යෙදෙන මාධ්‍යවේදීන්ට විවිධ තනතුරු ලබාදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදායයි. පසුගිය එක්සත් ජාතික පක‍ෂ රජය යටතේ “දිවයින” පුවත්පතේ සේවය කළ උපාලි තෙන්නකෝන්, ගයිරික පේරුසිංහ, ජටිල වැල්ලබඩ, ශාන් විෙජ්තුංග වැනි මාධ්‍යවේදීන් ඒ ආකාරයෙන් සැලකුම් ලැබූ අතර සන්ධාන රජය යටතේ කරුණාදාස සූරියආරච්චි, මනොජ් අබේධීර, අනුර සොලමන්ස් වැනි මාධ්‍යවේදීන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුනත් කීර්ති වර්ණකුලසූරියට එවැනි වාසනාවක් නැත්තේ ඔහු සර්පයෙකු බව රාජ්‍ය ප්‍රධානීන්ද දන්නා නිසාය. කලක ඔහු චන්ද්‍රිකා හිතවාදියෙකු ලෙස පෙනී සිටිමින් දිවංගත ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ “ලක්මිණ”පුවත්පත හරහා මහින්ද රාජපක‍ෂට දැඩි මාධ්‍ය ප්‍රහාර එල්ල කළේය. කර්තෘ මණ්ඩලය තුළ කාගේත් පිළිකුලටත් හාස්‍යයටත් පාත්‍ර වී සිටින මොහු දැන් ප්‍රහාර එල්ලකරන්නේ වසර 20ක් තම බඩවියත රැකගැනීමට වැටුපක් ගෙවන තම ස්වාමියා වන නිමල් වෙල්ගමටය.

ළමා අපචාර සිද්ධියකට අදාලව කීර්ති පදිංචිව සිටින රිචඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණය තුලදී ඔහුගේ නම කියැවුන අවස්ථාවක කීර්ති වර්ණකුලසූරිය රැකගැනීම සඳහා කටයුතු කළේද නිමල් වෙල්ගම මහතාය. මේ ආකාරයේ පුද්ගලයෙකු ආයතනය තුල සිටීම ආයතනයේ කීර්තියට හානියකැයි සෙසු මාධ්‍යවේදීන් පැවසුවද නිමල් වෙල්ගම ඔහු සේවයෙන් පහකළේ නැත. එසේ කීමට පැමිනි සෑම මාධ්‍යවේදියෙකුටම නිමල් වෙල්ගම මහතා එකළ කීවේ “ඔන්න ඔය කාලකන්නියා හිටපුදෙන්. ඕකාට අපි ඇර වෙන කවුරුවත් රස්සාවල් දෙන්නේ නැහැ. මමත් එලියට ඇදලා දැම්මොත් මහාපාරක හිඟාකාවි. එහෙම නැත්නම් බඩගින්නේ මැරේවි.” යනුවෙනි.

Tell a Friend

About ශ්‍රී ලංකා ගාර්ඩියන්